![]() |
පොලිස් මාධ්‍ය ප්‍රකාශක |
![]() |
බැංකු කොල්ලකරුවන් ජාතික ඉතුරුකිරීම් බැංගු මූලස්ථානයට ඇතුළු වී ඇත්තේ මෙහි දැක්වෙන සිංහ කොඩිය එසැවූ කණුව දිගේ බඩගාමිනි. රතුපැහැති රවුමෙන් දැක්වෙනුයේ සිංහ කොඩියයි |
පසුගිය
අප්‍රේල් මස 27 වන
දින ජාතික ඉතිරිකිරීම් බැංකුවේ
මූලස්ථානයට ඇතුළු වී මහ දවාලේ
රුපියල් මිලියන 390ක්
මංකොල්ලකෑ කල්ලියේ එක්
සැකකරුවෙකු මෙම මංකොල්ලය
පිලිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් විසින් අත් අඩංගුවට
ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි
මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ප්‍රදීප්
කාරියවසම් නොහොත් සුරාජ්
නැමැති මෙම සැකකරුඑක්තරා
ප්‍රභූ කාන්තාවකගේ
සැමියා ලෙස වෙස්වලාගෙන සිටියදී
අත් අඩංගුවට ගැනීමට දීර්ඝ
විමර්ශන මෙහෙයුමකින් පසුව
පොලිස් කණ්ඩායම් සමත්ව තිබේ.
මෙම සැකකරු
මීට පෙර ශ්‍රි ලංකා රක්ෂණ
සංස්ථාවේ සිදු වූ හොරකමකටද
සම්බන්ධව ඇතැයි පොලිස් පරීක්ෂණ
වලින් අනාවරණය වී ඇත.
කෙසේවුවද මෙම
මංකොල්ලයට සම්බන්ධ ප්‍රධාන
පෙලේ කොල්ලකරුවන් අත්අඩංගුවට
ගැනීම සඳහා මෙම ප්‍රදීප්
කාරියවසම් නැමැත්තාගෙන්
ලැබෙන තොරතුරු ඉවහල්වනු ඇතැයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
වැඩි දුරටත් පැවසීය.සැකකරුගේ පාපෝච්චාරණයට අනුව බැංකුව කොල්ලකෑම සදහා මංකොල්ලකරුවන්ගෙන් සමහරෙක් සිංහ කොඩිය ඔසවා ඇති කණුව දිගේ ඉහළට බඩගාමින් බැංකුවේ සේප්පුව තිබූ මහලට ඇතුළු වී ඇති අතර සෙස්සන් ඉදිරිපස හා පිටුපස දොරටුවලින් ඇතුළු වී තිබේ.
මොහුගේ
පාපෝච්චාරණය අනුව මෙම මංකොල්ලයේ
මහමොළකරුවන් දෙදෙනාගේ හැඩරුව
ඇතුළත් රූප නිර්මාණය කිරීමට
පොලිස් චිත්‍ර ශිල්පීන් සමත්ව
තිබේ. . මෙම
මාධ්‍ය හමුවේදී ඉහත මහමොළකරුවන්
දෙදෙනාගේ රූප ජනමාධ්‍යවලට නිකුත්
කරන ලදි. මෙම
පුද්ගලයන් පිලිබඳ යම් තොරතුරක්
දන්නේ නම් අදාළ අංශවෙත දැනුම්
දෙන ලෙස ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය
ප්‍රකාශකවරයා වැඩි දුරටත්
පැවසීය.
මොවුන් පිලිබඳ තොරතුරු සපයන්න.
මෙම
රූපයෙන් දැක්වෙන පුද්ගලයා
මැදමුලන සහ හම්බන්තොට යන
ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසක්
මෙහෙයවූ පාතාල නායකයෙකි.
මරා නොහොත්
මහේන්ද්‍ර නොහොත් පර්සි යන
අන්වර්ථ නම්වලින් හැඳින්වේ.
2005 වසරේ සුනාමි
සහනාධාර මංකොල්ලය මෙහෙය වූ
මොහු කොළඹ සහ හම්බන්තොට
දිස්ත්‍රික්කවල සැරිසරයි.
නිතරම සුදුපැහැති ජාතික ඇඳුමකින් සැරසී ගෙලවටා
රතුපැහැති පටියක් පටලා ගෙන
සිටී. ඇතැම් විට උරහිසෙහි "මැකෝ" වර්ගයට අයත් ගිරවෙකු දැකිය හැකිය. ජාතික
ඉතුරු කිරීමේ බැංකු මංකොල්ලයේ ප්‍රධාන සැලසුම් කරුවන මොහු සතුව එම
කොල්ලයෙන් පැහැරගත් විශාල
මුදලක් සතුව ඇතැයි පොලිසිය
විශ්වාස කරයි.
මෙම
ඡායාරූපයෙන් දැක්වෙන්නේ
බැරා නොහොත් ටෙන් පර්සන්ට්
නැමැත්තාය. මොහු
ඉහත මරා නැමැති පාතාල නායකයාගේ
සොහොයුරෙකි. මොහුද ජාතික
ඉතිරිකිරීම් බැංකු කොල්ලයට
සම්බන්ධය. 2005 ට
පෙර කුඩා පරිමාණ හොරකම් වල
නිරතව සිටි මොහු කළක් විදේශගතව
පොලිසියෙන් කට්ටි පනිමින්
සිටියේය. මහාභාණ්ඩාගාරයේ
සිදු වූ හොරකම් රැසකට ද මොහු
සම්බන්ධ යැයි පොලිසිය සැක
කරයි. මොහු
ද සුදු පැහැති ඇඳුම් අඳින අතර
ගෙලවටා රතුපැහැති පටියක්
පටලා ගෙන සිටී. මොහු
සමෘද්ධි බැංකුව මංකොල්ලකෑමට
සැලසුම් කර ඇතැයිද පොලිසිය
පවසයි.
මෙම
සැකකරුවන් පිලිබඳ තොරතුරක්
දන්නේ නම් පොලිස් හදිසි ඇමැතුම්
අංශයට දන්වන ලෙස ජනතාවට ආයාචනය
කරන්නේ යැයි ද පොලිස් මාධ්‍ය
ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි
මහතා වැඩි දුරටත් පැවසීය